“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් හමුවක් පසුගියදා බේරුවල, මොරගොල්ල ශ්‍රී බුද්ධසිරි මහා විහාරයේදී සිදුවිය.
මෙම හමුව සිදුවූයේ අභිනවයෙන් ඉදිකළ සංකස්සපුර ශ්‍රී සම්බුද්ධරාජ මහා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය අවස්ථාවේදීය.
හිටපු ජනාධිපතිවරයා උත්සව සභාවට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ සිටි රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, ජගත් විතාන සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
චන්දිම හෙට්ටිආරච්චි මහතා:
“කොහොමද? සර් ඉතින් සැප සනීප?”
මහින්ද රාජපක්ෂ මහතා:
“වරදක් නැහැ.”
චන්දිම මහතා යළිත්:
“සර්, තංගල්ලේ ඉඳන්මද මේ උත්සවයට ආවේ?”
මහින්ද රාජපක්ෂ මහතා:
“ඔව් මං තංගල්ලේ ඉඳන්ම තමයි මේ උත්සවයට ආවේ.”
ඊට අමතරව ටික වේලාවක් දෙදෙනා අතර සුහඳ කතාබහක්ද සිදුවූ අතර, දෑත්වලින් අල්ලාගෙන බොහොම ලෙන්ගතුව මෙම සංවාදය සිදුවූ නිසා එම ස්ථානයේ සිටි බොහෝ දෙනකුගේ අවධානය මේ දෙස යොමු විය. මෙම කතාබහ එම ස්ථානයේ සිටි බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ බව දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය දේශපාලනිකව වෙනස් කඳවුරුවල සිටියද, මෙම හමුව ආචාරශීලීත්වය සහ ගෞරවය පිළිබිඹු කරන බව සඳහන් වේ. බේරුවල ප්‍රදේශයේ බෞද්ධ පුණ්‍යකර්මයකදී සිදුවූ මෙම හමුව දකුණු පළාතේ දේශපාලනික ගැටලු මැද එකමුතුකමේ සංකේතයක් ලෙස සැලකිය හැකි බව දේශපාලන විචාරකයින් පවසයි.