එක්සත් ජාතික පක්ෂෙට මොකක්ද මේ වෙන්න යන්නේ...රනිල්ගෙ අලුත්ම තීරණේ...මම වගකීම භාර දෙනවා
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට ක්‍රියා කරන බවට ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.
එම වැඩසටහනට එක්ව වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසා ඇත.
"ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ. මා එය කොමිටියකට බාර දුන්නා. ඔවුන් විසින් එය කරනු ලැබුවා. පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති, උපනායක මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර වැනි අය කැපවී කටයුතු කළා. ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා. මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි. දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි. ඒක කරන්නේ මම නෙමෙයි. මේ කොමිටි එකට භාර දෙනවා. කාල සීමාවක් දෙන්න ඕනි ඒක කරන්න පුළුවන්ද බැරිද බලන්න. වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් පක්ෂයක්. 56දිත් අපි හැදුවා. 77 අපි හැදුවා. ආපහු 2001 ඡන්දෙට අපි හැදුවා. ඒ අනුව යන්න තියෙන්නේ.”
ඒ අනුව අද (29) දින 2025 පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් ප්‍රතිඥා ලබාදීමේ උත්සවය අමතා ඔහු මේ බව කියා තිබෙනවා.
සභිකයන්ට ද ඔහු එහි දී කියා සිටියේ දිවුරුම් දී පළාත් පාලන ආයතනවල වැඩ භාර ගත් පසු ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බවයි.
