ඔලිම්පික් කට උඩ තියෙද්දී මොකක්ද මේ උනේ...?
By Parami Dissanayake
අද (26) ප්‍රංශයේ පැරිස් නුවරදී එරට වේලාවෙන් රාත්‍රී 7.30ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00ට) 2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භ වීමට නියමිත ය.
ඊට පැය කිහිපයක් තිබියදී අද උදෑසන ප්‍රංශයේ ජාතික දුම්රිය සේවයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයකට ආසනික් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඉන් දුම්රිය මාර්ග කිහිපයක් ගිනි ගෙන හානියට ද ලක්ව තිබේ.
පැරිසියේ සිට බටහිරට උතුරට සහ නැගෙනහිරට දිවෙන TGV අධිවේගී දුම්රිය මාර්ගවල එම ගිනි තැබීම් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයෙන් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ලවී ඇති අතර දුම්රිය මගීන් 800,000ක් පමණ ඉන් අපහසුවට පත්ව ඇති බව ද වාර්තා වේ.