ලොකු ලූනුවලට වෙච්ච හදියක්

By Kaushi May 21, 2025 12:15 PM GMT
Report

ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල ඊයේ (20) දින රුපියල් 80 ක් දක්වා පහළ බැස තිබූ බව වාර්තා විය.

ඒ අනුව ආනයනකරුවෝ පැවසුවේ මෙම ලොකු ලූනු ඉන්දියාව, පකිස්තානය, චීනය, යන රටවලින් ආනයනය කරන බවයි.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

එසේම ජංගම වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් මෙම මිල පහළ යාම හේතුවෙන් ආනයනික ලොකු ලූනු තරගයට මෙන් අලෙවි කරන බව ද සඳහන්.

එසේ වුව ද ඉකුත් උත්සව සමයේදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

රටේ මේ වන විට පසුගිය යල කන්නයේ වගා කළ දේශීය ලොකු ලූනු තොග අවසන්ව ඇත.

ඒ අනුව ඉදිරි යල කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් මාස දහයකට පමණ ලොකු ලූනු ආනයනය කිරීමට සිදු තිබෙන බව වාර්තා වේ.

තවද වාර්ෂික ඒක පුද්ගල ලොකු ලූනු පරිභෝජනය කිලෝ ග්‍රෑම් 110ක් වැනි ප්‍රමාණයක් ගනියි.

එසේම මෙරට දෛනික ලොකු ලූනු පරිභෝජනය ද මෙට්‍රික් ටොන් 778ක් පමණ වේ.

මාලිමාවේ ඉන්නෙත් හොරු ද.. ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

මාලිමාවේ ඉන්නෙත් හොරු ද.. ලක්ෂ 59ක මූල්‍ය වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජාතික එළවළු වගාකරන්නන්ගේ ඒකමුතුවේ සභාපති නිමල් හේවා පතිරණ මහතා ප්‍රකාශ කළේ මෙරට වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් වන බවයි.

එමෙන්ම රුපියල් මිලියන 25000ක පමණ මුදලක් ලොකු ලූනු ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළා.