ආයෙ රැග් කරලා අහුවුණොත් වෙන්නෙ මේකයි
අද (16) දින විවෘත අධිකරණයේදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් සරසවි සිසුන් පස්දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ඒ නවකවදය ලෙස කවදා හෝ ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟීම් කෙසේ විය හැකි දැයි යනුවෙන්.
මෙසේ ප්‍රශ්න කිරීමට බඳුන් වූයේ රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන් පස් දෙනෙක්.
මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ විනය භාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරීම, අයුතු අවහිර කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අයුතු ජන රාශියක සාමාජිකයින් වීම යන චෝදනා යටතේයි.
ඒ අනුව මෙම නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගෙන ඇත.
එහි දී විවෘත අධිකරණය ඉදිරියේ විත්තිකාර සිසුන් විසින් පැමිණිලිකාර කථිකාචාර්යවරයාට වැඳ සමාව ගැනීමෙන් නඩුව සමථයකට පත්වූ බව සඳහන්.
එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් සිසුන්ට දැඩිව අවවාද කර ඇති බව ද වාර්තා වේ.
මහේස්ත්‍රාත්වරයා විසින් නවක වදය දීමෙන් කුමක් බලාපොරොත්තු වන්නේ ද, දිනක ඔබේ දරුවකුට මෙසේ අමානුෂික වද දෙනවිට ඔබට කුමක් දැනෙයිද? යනුවෙන් සිසුන්ගෙන් විමසමින් සීමාව ඉක්මවන ලෙස නවක වදය දීම බලවත් වරදක් බව ද පෙන්වා දී ඇත.
එසේම වැඩිදුරටත් ඔහු පවසා සිටියේ නවක වදය දෙන්නේ නම් ඒ තුළ තිබිය යුත්තේ අමානුෂික වද නොව විනෝදාත්මක වැඩසටහන් බවයි.
