මාලනී වෙනුවෙන් හිටපු ජනපති රනිල් කරපු දේ..හිතාගන්නවත් බෑ...[PHOTOS]
පසුගියදා කොයි කවුරුත් ආදරේ කරන ශ්‍රී ලංකා සිනමාවේ නොමැකෙන මතක සලකුණු සනිටුහන් කෙරූ මාලනී සෙනෙහේලතා ෆොන්සේකා මහත්මිය සදහටම අප අතරින් සමුගත්තා. ඉතින් ඇය කලක පටන් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර තමයි මෙයාකාරයෙන් අප අතරින් සමුගත්තේ. ඇය පිළිබඳව බොහෝ දෙනෙක් ගුණකථනය කරනවා වගේම තවත් සුළුතරයක් දෙනා ඇය ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළා යයි ඇයට චෝදනා එල්ල කළා.
නමුත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන කතාව ගැන කියන්න තමයි මේ සූදානම. ඇයට ලංකාවෙදි නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තය වැනි රටක පමණක් කර හැකි හදවත් සැත්කමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ 2022 මැද භාගයේ. එමෙන්ම මේ සඳහා වැයවෙන මුදල ලංකා මුදලින් රුපියල් කෝටි එක හමාරකටත් වැඩියි.ඒ වෙද්දිත් රෝගී තත්ත්වයන් වෙනුවෙන් ඇය මුදල් වියදම් කර තිබූ නිසා ඇයට ඒ මුදල සොයා ගැනීමට අපහසු වුණා.
එම නිසා ඇය ළඟ සිටි හිතවතුන් කීපදෙනෙක්ම මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙස බල කර සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට මාලනී ෆොන්සේකා මහත්මිය යාමට නියමිතව තිබුණත් එතුමියගේ රෝගී තත්ත්වය සලකා බලා හිටපු ජනාධිපතිතුමා ඇයට දුරකථනයෙන් කතා කොට ඒ වෙනුවෙන් කළ යුතු උපරිම දේ කිරීමට පියවර ගත්තා. ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අරමුදලෙන් ඇය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම මුදල ලෙස සලකා රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදීමට කෘතවේදී වුණා.
මේ මුදල රෝහලට ගෙවන ලද්දේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් වන අතර මාලනී ෆොන්සේකට එය අනුමත කළ ලිපිය පමණක් ලබා දුන්නා. ඒ අනුව එම මුදල් සහ තවත් ඇය ළඟ තිබූ මුදල් ප්‍රමාණයක් එකතු කර ගනිමින් ඇය සැත්කම සඳහා සූදානම් වූ අතර වියදම් අවම කිරීමේ අරමුණෙන් ඇය තනිවම ඇපලෝ රෝහලට ගියා.
ඒ අතරතුර බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වුනා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිළි රැජිණ වෙනුවෙන් නිහඩව රජයේ යුතුකම ඉටු කළේ. ඇය කිසි දිනක ජනාධිපති අරමුදල අවභාවිතා කළේ නැත. මේ ඇය හම්බ කෙරූ ප්‍රේක්ෂක ආදරය සහ හොඳ හිතයි.





