පොහොට්ටුවෙන් ගිය රෝහිත ගැන පත්තරෙන් චමුදිත කියූ දේ..(VIDEO)

Ranil Wickremesinghe Rohitha Abeygunawardana Sri Lanka Politician Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Aug 05, 2024 02:58 PM GMT
krishani

krishani

Report

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

පොහොට්ටුවෙන් ගිය රෝහිත ගැන පත්තරෙන් චමුදිත කියූ දේ..(VIDEO) | What Chamuditha Samarawickrama Said About Rohitha

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ මොරොන්තුඩුවේ හෝටලයක දී ඊයේ (04) පැවැති කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.

එහිදී ඒ මහතා පැවසුවේ රට අගාධයෙන් ගොඩ ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජනතා මතයට හිස නමමින් ඔහුට සහයෝගය දක්වන බවත් ය.

ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO)

ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO)


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (05) උදෑසන පත්තර විස්තර වැඩසටහනක දී මාධ්‍යවේදී චමිදිත සමරවික්‍රම මහතා ද විවේචනාත්මක අදහස් දැක් වීමක් සිදු කර තිබුණේ ය.

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..

රෑ 11.30 වෙනකම් කාලය ලේසි නෑ.. වෙන දෙය ගැන දැනගෙනම ඉන්න වෙයි..


ඒ මෙවැනි ප්‍රවෘත්ති දැඩි පිළිකුල් සහගතව කියවන බවත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ  ඊළග මහ මැතිවරණයේ දී ෆුල් බොඩි චෙකප් එකක් නොමිනේෂන් දෙන සියලුම දෙනාට කළ යුතු බවත් ය.

ඒ සම්බන්ධයෙන් වීඩියෝව පහතින් නරඹන්න,

වීඩියෝ දර්ශන - Hiru News

.