මාලිමා රැස්වීමකින් පසුව විශ්‍රාමික හමුදා සෙබළෙක් රනිල්,සජිත් සහ නාමල්ගෙ පාක්ෂිකයින්ට රතු එළි දල්වයි..

Report

ජනතා විමුක්ති පෙරමුණේ අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුවේ යැයි කියන පුද්ගලයෙක්, ඔවුන්ගේ ටී ෂර්ටයකින් සැරසී “බලයට ආවම අපි බලාගන්නම්.

සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුදෙනාට පහර දෙනවා" යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් විසින් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර ඇත.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.

ලග්න කිහිපයකට අද මූල්‍ය අතින් ඉතාමත් යහපත් දිනයක්..හදිසි ධන ලාභ හිමිවේ.


ජාතික ජන බලවේගයේ පක්ෂ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ‘‘අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා’’ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මන්ත්‍රිවරයා සඳහන් කළේ, මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි.