ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරඟාවලිය සඳහා කොදෙව් සංචිතය නම් කෙරේ

Report

 ශ්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය සඳහා බටහිර ඉන්දිය කොදෙව් සංචිතය නම් කර තිබේ.

ෂායි හොප්ගේ නායකත්වයෙන් තරගාවලියට අවතීර්ණ වන කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. එම සංචිතයෙන් ජොන්සන් චාල්ස්, ක්වෙන්ටින් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් යන ක්‍රීඩකයන් තිදෙනා ඉවත් කර තිබේ.

නැවත කණ්ඩායමට ඇකීම් ඔගස්ටේ, ජුවෙල් ඇන්ඩෲ සහ ෂමර් ස්ප්‍රින්ගර් යන ක්‍රීඩකයන් එක් කර තිබේ.

22 හැවිරිදි ඔගස්ටේ විස්සයි20 තරග නවයකට ක්‍රීඩා කර ඇති අතර, 19 හැවිරිදි ඇන්ඩෲ තරග 5කට ක්‍රීඩා කර ඇත. එසේම තුන් ඉරියව් ක්‍රීඩක ස්ප්‍රින්ගර් මීට පෙර තරග 6කට ක්‍රීඩා කර ඇත.

විස්සයි20 තරගාවලිය ජුනි 11, 13 සහ 14 යන දිනවල සබීනා පාර්ක්හිදී පැවැත්වෙන අතර ඉන් පසුව ඇන්ටිගුවාහිදී ටෙස්ට් තරග 2ක් පැවැත්වේ. ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් එක්දින තරග දෙක වැස්ස නිසාවෙන් අවලංගු වූ අතර, එක්දින තරග මාලාව 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

නම් කරන ලද බටහිර ඉන්දිය කොදෙව් සංචිතය:

ශායි හෝප් (නායක), ජුවෙල් ඇන්ඩෲ, අකීම් ඔගස්ටේ, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හොසේන්, ෂමාර් ජෝසප්, බ්‍රැන්ඩන් කින්ග්, ගුඩකේෂ් මෝටි, රොව්මන් පවෙල්, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමාර් ස්ප්‍රින්ගර් යන ක්‍රීඩකයෝය. 

Gallery