''ඉන්දියාවේදීම කොදෙව්වන් කුසලානය ඩැහැගනීවිද?'' - ශූරයන් තීරණය කරන අවසන් සටන අද
By Malith Madushan
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි20 ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය අද (17) පැවැත්වීමට නියමිතය.
තරගාවලිය මේ වන විට තරග 2-2ක් ලෙස සම තත්ත්වයේ පවතින බැවින්, අද තරගය දෙපිලටම තරගාවලියේ ජයග්රහණය තහවුරු කර ගැනීම සඳහා තීරණාත්මක වේ.
ඉන්දියාවේ බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 7.00ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය පුරා කණ්ඩායම් දෙකම දක්ෂතා දැක්වීම හේතුවෙන් අවසන් තරගය පිළිබඳ ක්රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබේ.