වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

සෞදියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

සෞදියේදී ශ්‍රී ලංකාවට රන් සහ ලෝකඩ පදක්කම්

ඝාතන සිද්ධියක් ඇතුලු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබු අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෝදර ලෙල්ලමේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වුණා.

එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ වැල්ලේ සාරංගගේ මස්සිනා වන මස්කඩ ව්‍යාපාරිකයෙකු වූ උක්කුවාද මහභාගේ ප්‍රදේශයේදී පසුව වෙඩි තබා ඝාතනය කෙරුණා.

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මේ අතර බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ රාත්‍රීයේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ වෙඩි වැදුණු තරුණයා අහුංගල්ල පොලිසිය වෙත පැමිණ තමන්ට පහරදීමක් සිදු වූ බවට පළමුව පැමිණිලි කළ බවයි.

ගිලන් රථයකින් ඔහු රෝහල්ගත කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින්. මෙලෙස තුවාල ලැබා රෝහල් ගත කර ඇත්තේ අහුංගල්ල - වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන මෙහෙයවනවා. පාර්සලයක් ලබාගැනීම සදහා බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි සුසාන භූමිය අසලට පැමිණෙන ලෙස ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බබා‘ නමැත්තාගෙන් ඊයේ දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර වෙඩි තැබීම සිදු කර ඇති බවට චෝදනා එල්ල වන්නේ ද බබා නැමැත්තාගේ ගෝලයෙකුටයි.