වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ
By Gagana News
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
මෙම සිද්ධියේදී රාජකාරියෙන් බැහැරව කටයුතු කළ බවට සැලකෙන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.
