වැලිකඩ ලොක්කෙක්ට දරුණු ප්‍රහාරයක් - රෝහලේ
වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු රාජකාරි නිවාඩු ලබා ගෝණපිනුවල පිහිටි නිවසට යමින් සිටියදි ඊයේ (04) රාත්‍රියේ දී හික්කඩුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදි ඔහුගේ යතුරුපැදියද කොල්ලකා පලාගොස් ඇති බවට ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වාර්තා කරයි.
ඒ අනුව මෙසේ තුවාල ලබා ඇත්තේ ගෝණපිනුවල ආරච්චිකන්ද පදිංචි වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් බව සඳහන්.
පාර්ලිමේන්තුව උණුසුම් කරමින් රෝහණගේ මරණ බිය උඩු දුවයි - මට ආරක්ෂාව දෙනවද නැද්ද කථානායක එක්කත් මල පනී
ඔහු ඊයේ (04) රාත්‍රියේ රාජකාරි විවේකය වාර්තාකර යතුරු පැදියෙන් නිවසට එමින් සිටියදි හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ ඖෂධ වෙළඳසලක් අසලදි මෙසේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියද පැහැර ගෙන ගොස් තිබෙනවා.
තුවාලකරු පළමුව ආරච්චිකන්ද රෝහලට ඇතුලත්කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට මාරුකර ඇති බවද සඳහන්.