වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්තගේ ඝාතකයන් හමුවෙයි - ආනන්ද
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විසින් වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලැබී ඇති බව ප්‍රකාශ කළා.
ඒ අද දින පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
"කවුරුත් දන්නවා බැද්දගාන සංජීව කවුරු ළඟද හිටියේ කියලා, හිටපු ජනාධිපතිවරයෙක්ගේ බොඩි ගාඩ් කෙනෙක් ගාව හිටියා. ආරක්ෂාවට හිටියා අවසානේ පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍යයට සම්බන්ධවෙලා හිටියා. ඊට පස්සේ මේ රටම දන්නව සොත්ථි උපාලි කා ගාවද හිටියේ කියලා. අද සොත්ථි උපාලිගෙ පුතා කා ගාවද ඉන්නේ කියලත් හොයලා බලන්න. අදත් මේ පාතාලයෝ ඒ විදිහටම බලේ ඉන්න දේශපාලඥයෝ ළඟ නැතුවට අනිත් අය ළඟ අඩු වැඩි වශයෙන් ඉන්නවා. මම කියන්නේ නෑ හැමෝම මේකට සම්බන්ධයි කියලා. හැබැයි සම්බන්ධතා පවත්වන අය ඉන්නවා.
මම එදත් මේ පිළිබඳව ප්‍රකාශයක් කරා ඊයෙත් මම කිව්වා කිසිදු ජීවිතයක් අපි අවතක්සේරු කරන්නේ නැහැ. මම කිව්වා ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරනවා කියලා. ඊයේ දිනයේ මේ සිද්ධිය අනාවරණය වූ වහාම සෘජු නියෝගයක් දුන්නා පොලිස්පතිවරයාට සහ CID එකේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කරවිට මහතාටත් වහාම මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරලා මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කියලා. පොලිස් කණ්ඩායම් හතරක් යෙදෙව්වා. මේ වෙනකොට සාර්ථක තොරතුරු ලැබිල තියෙනවා. අපි දින දෙකක් තුනක් ඇතුළත මේකට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා වූ නියෝගයන් දීලා තියෙනවා පොලිස් කණ්ඩායම් හතරක් ක්‍රියාත්මක වෙනවා තොරතුරු ලැබෙමින් තියෙනවා" යනුවෙන්.
ඊයේ (22) දින පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළ දී නාඳුනන තුවක්කුරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වුණා.