රියදුරාගේ හපන්කම නිසා වෙන්න ගිය විනාශයක් වැළකෙයි

Report

යතුරු පැදියක් නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී එහි සිරවී ගිනි ගැනීමත් සමගම කන්ටේනර් රථ රියදුරු තැනට සුදුසු නුවණ පාවිච්චි කර කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර මැද ගැට්ටට අල්ලා ගිනිගත් යතුරුපැදිය ලොරියෙන් ගලවා ගැනීමට කටයුතු කිරීම නිසා රුපියල් කෝටි ගණනක රබර් ශීට් දේපළ හානියක් වැලකී ගිය බව කහතුඩුව පොලිසිය සදහන් කර තිබේ .

හොරණ කොළඹ මාර්ගයේ පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබුණි .

එහිදී එම යතුරු පැදිකරු පිළිස්සුම් තුවාල ලබා වෑතර දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත කන්ටේනර් රථ රියදුරු රබර් ශීට් තොගයක්පටවාගෙන යමින් සිටියදී තේ පානය සඳහා වෑතර ප්‍රදේශයේ හෝටලයක් අසල කන්ටේනර් රථය නවතා හෝටලය තුළට ගොස් තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ.

ගොවීන්ට ඇහෙන සතුටු පණිවිඩය - යල කන්නය සඳහා රජයේ පොහොර සහනාධාර ලබාදීම සිදුකෙරේ

ගොවීන්ට ඇහෙන සතුටු පණිවිඩය - යල කන්නය සඳහා රජයේ පොහොර සහනාධාර ලබාදීම සිදුකෙරේ

ඒ වගේම මද වේලාවකදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදි කරුවකු කන්ටේනරයේ පිටුපස ගැටි අනතුරට ලක්වී එහි ඇමිනි ගිනි ගැනීමට ලක්ව තිබුණි.

    එම ස්ථානයට පැමිණි පිරිස් යතුරුපැදිය අසල වැටී පිළිස්සුම් තුවාල ලබා සිටි පැදිකරු ඉවතට ගත්ත ද යතුරු පැදිය ඉවතට ගැනීමට නොහැකි වී ඇත්තේ යතුරු පැදියේ කන්ටේනර්රථයේ ගැටීමක් සමගම එහි ඇමිණි තිබීම නිසාවෙනි.

මෙම සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරන්නේ තේ පානය කරමින් සිටි රියදුරු මේ බව දැක වහා පැමිණ කන්ටේනර් රථය පන ගන්වා ගිනි ජාලාවකින් වෙලී තිබූ යතුරුපැදිය සමඟ කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර රථය දකුණු පසට එකවරම හරවා යතුරුපැදිය මාර්ගයේ දකුණු පස මැද දූපතේ ගැටීමට සැලසීම හේතුවෙන් යතුරුපැදිය කන්ටේනර් රථයෙන් ගැලවී ගිය බවයි.

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්

අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා නාමල්ගෙන් සැර කතාවක්

  එසේ නොවන්නට කන්ටේනර් රථය එහි තිබූ රුපියල් ලක්ෂ ගණනාවක රබර් ශීට් තොගය පමණක් නොව මෙන්ම අසල වෙළඳසැල් රැසක් ද ගින්නට බිලිවීමට ඉඩ තිබූූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි .