අද රෑට පරිස්සම් වෙන්න - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්!

Weather Rain Heavy Rain
By Shehan Mar 22, 2025 09:18 AM GMT
Shehan

Shehan

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(22) රාත්‍රි කාලයේදී පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ද මෙම අකුණු සහ තද වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ReeCha