ඉදිරි පැය 48 ඉතාමත් භයානක තත්වයක්. - දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි අනතුරු ඇඟවීමක්. - (VIDEO)
කැලණි මිටියාවතේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

දිවයින පුරා එළවළු - සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සීඝ්‍ර ලෙස පහල යයි.- මිල ලැයිස්තු මෙන්න.
එමෙන්ම දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ද ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .
අද දිනයේ දිවයිනට බලපාන වාර්ෂාපතනය හේතුවෙන් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අදාළ ප්‍රදේශවල ජනතාවට ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.