රටම කැළඹු කාලගුණයේ නවතම නිවේදනය. - ඉදිරි දින දෙක තුළදී අඩුපීඩන කලාපයේ සිදු වන දේ මෙන්න.

Sri Lanka Landslide In Sri Lanka Weather Floods In Sri Lanka
By Wayomi Oct 14, 2024 09:33 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇති විය හැකි තද සුළං සහ වැසි තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තුරු උතුර - නැගෙනහිර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

කෙසේ වෙතත් හෙට දිනයෙන් පසු ඉදිරි දින දෙක තුලදි  එම අඩුපීඩන කලාපය බටහිර - වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව උතුරු ,නැගෙනහිර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුලං සමගින් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.