ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (24) අලුයම 3.00ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන බවයි පැවසෙන්නේ.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවයි දන්වා ඇත්තේ.
පහත සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවරයින්ට හා නාවික ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
