කාලගුණයෙන් රතු නිවේදනයක් මෙන්න.. එතකොට හෙට මොකක්ද මේ වෙන්න යන්නේ?.

Report

දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (29) පස්වරු 6 ට ය.

ඒ අනුව, ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

හදිසියේම, පැය 18ක ජල කප්පාදුවක් - ප්‍රදේශ ටික මෙන්න..

හදිසියේම, පැය 18ක ජල කප්පාදුවක් - ප්‍රදේශ ටික මෙන්න..

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද පස්වරු 2.30 පමණ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 310ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබෙනවා.

එය සුළි කුණාටුවක් ලෙසින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර තමිල්නාඩු වෙරළ වෙත හෙට (30) දින ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වේ.

එමෙන්ම, දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

තවද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කෙසේ වෙතත්, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

You May Like This Video 👇 


.