ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු වේ.

ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්.

මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්.


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ශිෂ්‍යත්ව ව්භාගය ලියපු සිසුන්ට සතුටුදායක ආරංචියක්..

ශිෂ්‍යත්ව ව්භාගය ලියපු සිසුන්ට සතුටුදායක ආරංචියක්..


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

You May Like This Video