පලාත් රැසකට අද වැස්ස වැඩි වෙයි..බෙංගාල බොක්කෙ පීඩන අවපාතයට සිදු වූ දේ.

Report

අද දිනයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

උතුරු, උතුරු මැද සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව අදාල නිවේදනයේ සඳහන්.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වලටනම් අගුණයි.(VIDEO)

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..හැබැයි මේ ලග්න වලටනම් අගුණයි.(VIDEO)


උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ඇතිවීමට හැකියාව පවතී.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

රුපියල් ලක්ෂය ගානෙ විශාල පිරිසකට දෙන්න විශේෂ තීරණයක් ගනී..ලැබෙන පිරිස මෙන්න.

රුපියල් ලක්ෂය ගානෙ විශාල පිරිසකට දෙන්න විශේෂ තීරණයක් ගනී..ලැබෙන පිරිස මෙන්න.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video