ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..බෙංගාල බොක්කේ පීඩනයෙන් යළිත් ලංකාවට රතු එළියක්. ..

Report

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මේ අනුව උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දැනුම්දී ඇත.

පැය 4-5 ක හදිසි විදුලි කප්පාදුවක් ගැන ප්‍රකාශයක්..යළිත් අඳුරේ ඉන්න වෙයි?..

පැය 4-5 ක හදිසි විදුලි කප්පාදුවක් ගැන ප්‍රකාශයක්..යළිත් අඳුරේ ඉන්න වෙයි?..


උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.


මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද දැනුම්දී ඇත.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..විශේෂයෙන් මේ ලග්න වලටයි.(VIDEO)

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..විශේෂයෙන් මේ ලග්න වලටයි.(VIDEO)


එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video