ලංකාවේ ඉදිරි දින කිහිපය තුළ සිදුවන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

Sri Lanka TN Weather Weather
By Aruna Dec 07, 2024 04:52 AM GMT
Aruna

Aruna

Report

නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත අසල යළිත් වරක් කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ අනුව දෙසැම්බර් 9 වැනිදායින් පසු යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය සුළි කුණාටු තත්ත්වයක්ද? අඩු පීඩන අවපාතයක්ද? යන්න තවමත් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අවධාරණය කළේ ය.

ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ,දෙසැම්බර් 9, 10, 11, 12, 13 යන දිනවලදී මෙහි වක්‍ර බලපෑම් ඇතිවිය හැකි බවත්, 9 වැනිදායින් පසු උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බවයි.

මෙරටට ආනයනය කරන දෙයක් දෙගුණයකින් ඉහළ යයි..තව සති 02කින් රටටම රතු එළියක්?..

මෙරටට ආනයනය කරන දෙයක් දෙගුණයකින් ඉහළ යයි..තව සති 02කින් රටටම රතු එළියක්?..


මේ අතර උතුර සහ නැගෙනහිර පළාත්වල අද (07දා) වැසිවාර කීපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි හෙතෙම වැඩිදුර කියා සිටියා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

You May Like This Video


ReeCha