අද සවස් කාලයේ මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..ඉදිරි පැය 24 ගැන දැනුම්දීමක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04දා) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ මධ්‍යම, උතුරු මැද, සබරගමුව, ඌව, දකුණ, වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.