ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

අද ඔබේ යටි බඩ ආශ්‍රිතව අවධානයෙන් ඉන්න..තරුණියන්ට තරුණ ආකර්ෂණයත් වැඩිවේ.

අද ඔබේ යටි බඩ ආශ්‍රිතව අවධානයෙන් ඉන්න..තරුණියන්ට තරුණ ආකර්ෂණයත් වැඩිවේ.


උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.