කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළං තත්ත්වය ඉහළ යයි..අවධානයෙන් ඉන්න.

Report

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම, අද (12) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

හදිසි ධන ලාභ ලග්න 06කට අද ලැබෙයි..විශේෂයෙන් මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න.

හදිසි ධන ලාභ ලග්න 06කට අද ලැබෙයි..විශේෂයෙන් මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.