සුළං තත්ත්වය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදෙස් වල අය දැඩි අවධානයෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jul 22, 2024 02:34 AM GMT
Aruna

Aruna

Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය නිසා මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75 ත් අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 15ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 91 ත් අතර මුහුද ප්‍රදේශවල )ඉතා ද සුළං ( පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි අදාල නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ.

මෙරට ප්‍රධාන රෝහලකදී රෝගියෙකුට මුහුණදීමට සිදු වූ අත්දැකීමක්..(VIDEO)

මෙරට ප්‍රධාන රෝහලකදී රෝගියෙකුට මුහුණදීමට සිදු වූ අත්දැකීමක්..(VIDEO)


මෙම මුහුද ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා තිබේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරයේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා ඇත.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව අදාල නිවේදනය මගින් දැනුම් දී තිබේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දන්වා තිබේ.

ලබන 25 වනදා හැමෝම අහස බලන්න..එදාට ඔබ මෙතෙක් නොදුටු දුර්ලභ දෙයක් අහසේ දිස්වෙයි..

ලබන 25 වනදා හැමෝම අහස බලන්න..එදාට ඔබ මෙතෙක් නොදුටු දුර්ලභ දෙයක් අහසේ දිස්වෙයි..


කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව අද (22) දිනය සඳහා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.