අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං..

Report

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපනයට විශේෂ අවස්ථාවක්..

බන්ධනාගාරගතවන තරුණ වයසේ පසුවන වැරදිකරුවන්ගේ අධ්‍යාපනයට විශේෂ අවස්ථාවක්..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.