ඉදිරි පැය 24 තීරණාත්මකයි..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දෙයි..

Western Province Southern Province TN Weather Weather
By Aruna Jul 16, 2024 02:18 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (16) උදෑසන 3.00ට එම නිවේදය නිකුත් කර ඇත්තේ, ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 55 සහ 75 අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං පැ.කි.මී. පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..

ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..


මේ අනුව එහ මුහුදු කළාප වල සිටින ධීවරයි වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීම මෙම අනතුරුදායක තත්ත්වයෙන් මිදීමට හැකි වේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවේ.

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට හදිසියේම සිදු වූ දේ මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට හදිසියේම සිදු වූ දේ මෙන්න..


දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය, එමෙන්ම කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ReeCha