වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න..ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරු 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසටයි.
කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 10ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 65ත් අතර මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 15ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 70 -80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.