අද වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධියෙන් ඉන්න..

Report

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන්වේ.

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..

අද ඔබේ උදරයේ එනම් බඩේ අසනීප තත්ත්වයන් උත්සන්න විය හැකියි..ඉක්මක් ප්‍රතිකාර ගන්න..


මේ අතර, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලූ පිරිසකට මෙන්න සතුටුදායක ආරංචියක්..

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලූ පිරිසකට මෙන්න සතුටුදායක ආරංචියක්..


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.