කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.. අද මේ ප්‍රදේශ වල වැස්ස වැඩි වෙයි..

TN Weather Weather
By Aruna Jul 06, 2024 12:53 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


මේ අතර, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

පාසල් සිසුවියන්ට සතුටුදායක ආරංචියක්..

පාසල් සිසුවියන්ට සතුටුදායක ආරංචියක්..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.