අදත් ප්‍රදේශ රැසකට වෙනස්ම කාලගුණයක්..වැස්ස සමග සුළං වැඩි වෙයි..

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩිතරමක් තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සදහන්වේ.

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්..එකවරම කරන්න යනදේ මෙන්න..


තවද වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇති වේ.

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..

මේෂ,වෘෂභ, කටක සහ සිංහ යන ලග්න 06කට අද කියාපු දේ මෙන්න..තවත් ලග්න 04ක අයට රතු එළියක්..


මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.