අද සිට කාලගුණයේ සිදුවන විශේෂ වෙනස ගැන දැනුම්දීමක්..

Report

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (20) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව අදාල නිවේදනයේ සඳහන්වේ.

20T ලෝක කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟයට ඊයෙ රෑ වුන දේ මෙන්න..එංගලන්ත තරඟයත් ඇරඹේ..

20T ලෝක කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟයට ඊයෙ රෑ වුන දේ මෙන්න..එංගලන්ත තරඟයත් ඇරඹේ..


තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දන්වා ඇත.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.