තත්ත්වය තීරණාත්මකයි.. කොයි කාලේ වෙනකම් ද?. මේ ගැනත් නිරන්තර අවධානයෙන් පසුවෙන්න..

Report

පෙර දින දෙකෙහි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පහළ ගොස් තිබූ වායූ ගුණාත්මකභාවය අද (12) දිනය තුළ පහව යනු ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශය සඳහන් කළේ ය.

තත්ත්වය තීරණාත්මකයි.. කොයි කාලේ වෙනකම් ද?. මේ ගැනත් නිරන්තර අවධානයෙන් පසුවෙන්න.. | Weather In Sri Lanka 12Th February 2024

අද උදෑසන වන විට ද ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය ඒකක සියයත්, එකසිය පනහත් අතර අගයක පැවතියේ ය.

ඒ බව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසීය.

කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 120ක් දක්වා ඉහළ මට්ටමක අද උදෑසනද පැවතියේ ය.

එමෙන්ම, මේ දිනවල පවතින සුළං රටාවේ වෙනසත් සමඟ විදේශයන්හි වායු ගුණාත්මකතාවන් මෙරට වායු තත්වයන් සමඟ මිශ්‍ර වීම නිසා ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයේ ඒකක මෙලෙස ඉහළ යාමට බලපා ඇති බව ඒ මහතා කියා සිටියේ ය.

පසුගිය දිනවල පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය අවසන්ව මේ වනවිට වැසි රහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වෙමින් පවති.

මේ අතර බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කළේ මෙම කාලගුණ තත්ත්වය මත කුඩා දරුවන් සහ පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල නිරතවීමේ දී ඇතිවිය හැකි සංකූලතා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.