ඉදිරි පැය ගණන පිළිබඳව කාලගුණයෙන් අනාවැකියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි හෙට (09) දිනයේදී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.