තවමත් තත්ත්වය අනතුරුදායකයි - කාලගුණේ අලුත්ම තත්ත්වය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකිය අනුව, අද (20) දින නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
එසේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00ට පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක් පමණ වේගයෙන් තද සුළඟ හමා යෑමේ හැකියාවක් පවතී.
තවද, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළඟ සහ අකුණු නිසා සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.