මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

By Piyumika Jan 14, 2025 01:00 AM GMT
Report

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එක දිගට ආපු රැල්ලේ උණුසුම අඩු වෙන කොටම බලන්නකෝ නිවසකින් හම්බ වුණු සෙට් එක කොහොමද කියලා..

එක දිගට ආපු රැල්ලේ උණුසුම අඩු වෙන කොටම බලන්නකෝ නිවසකින් හම්බ වුණු සෙට් එක කොහොමද කියලා..

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකයි.

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

අද දවසේ ඔබේ දෛවය තීරණය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න අමතක කරන්න එපා..

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

You may like this video