දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි.. ඡන්දෙ දාන්න යනකොට කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා...

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම බොහෝ ප්‍රදේශ වලට සවස  2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස දෝනිට නොතීසි ...

තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස දෝනිට නොතීසි ...

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

ඉල්ලු හාදුව නොදුන් නිසා කරපු අපරාධයක තරම..

ඉල්ලු හාදුව නොදුන් නිසා කරපු අපරාධයක තරම..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.