ඉදිරි පැය 36 සදහා කාළගුණයෙන් අලුත්ම නිවේදනයක්..!

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඉදිරි පැය 36ට අදාළව අද පස්වරුවේ නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉදිරි පැය 36 සදහා කාළගුණයෙන් අලුත්ම නිවේදනයක්..! | Weather Alert Today 2023 12 17

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්, නිල්වලා ගංගාව ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සඳහා මීට පෙර නිකුත් කර තිබූ ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව පවසයි.

මේ හේතුවෙන් මේ ප්‍රදේශවල ජනතාව සහ පහත්බිම් ආශ්‍රිත මාර්ගවල ගමන්ගන්නා රථවාහනවල රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටය.