දරන්නත් බැරි අධික උණුසුම කවදා වෙනකන් තියෙනවද..?මෙන්න අලුත්ම දැනුම්දීම..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Feb 18, 2025 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත්තේ, දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවටයි.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද පවසන්නේ, මෙම තත්ත්වයත් සමග ජල මූලාශ්‍රයන්ගේ ජල මට්ටම පහත බසිමින් පවතින හෙයින් පානීය ජල සැපයුම සීමාසහිත විය හැකි බවටයි.

ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 36.6 වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී තිබුණි.

උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශක ''අවධානය යොමුකළ යුතු'' මට්ටමක පවතින බව‍යි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා,

"මෙම තත්ත්වය අපි ඉදිරි දින 2 තුළත් අපේක්ෂා කරනවා. ඉන් පසුව තරමක වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. 24,25,26,27 වගේ. මේක තාවකාලික තත්ත්වයක්." "ඉදිරි මාස ගත්තොත්... මාර්තු සහ අප්‍රේල් මාසවල උණුසුම් කාලගුණ තත්ත්වයේ වර්ධනයක් තමයි වෙන්නේ." ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා, "අධික උෂ්ණත්වයකට සහ අධික තාපයකට භාජනය වෙන අය අවධානයෙන් කටයුතු කරන්න. සුදු පැහැති ඇඳුම් අඳින්න. වැඩි වශයෙන් ජලය පානය කරන්න. "

You may like this video 👇


ReeCha