මෙරට ජනතාවට සුබ පණිවිඩයක්. කාළගුණ වෙනස්වීම් ගැන අවධානයෙන් සිටින්න.....
By Gagana
වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයකදී මේ වන විට රටේ වායු සංයුතිය හොඳ මට්ටමක පවතින හෙයින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පවසා තිබෙනවා.
මේ බව දිවයින පුරා සෑම නගරයකින් ම ලබා ගන්නා නියැදි අධයයනය කරමින් අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වායු දූෂණය සඳහා බලපෑම් කිහිපයක් තිබෙන බවත් රථවාහන, කර්මාන්ත සහ නිවාසවලින් රට තුළදී ජනනය වන වායු දූෂණය සමාන්‍ය මට්ටමක පවතින්නේ යැයි ද හොඳ වායු කළමනාකරණයක් රට තුළ පැවැතීම ඊට හේතුවී ඇතැයි බවද සදහන්.
කෙසේ වෙතත් කාලගුණික වෙනස්වීම්වලදී භූගෝලීය පිහිටීම හේතුවෙන් වායු දූෂණයන් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.