සභාවල බලය පිහිටවන්න අපි මුදලට මන්ත්‍රීවරු ගන්නේ නෑ - ඇමති විජිත
වැඩි සභිකයින් සංඛ්‍යාවක් ජාතික ජනබල වේගයෙන් තේරී පත්ව සිටින මුත් සෙසු පක්ෂ සහ ස්වාධීන සභිකයින් වැඩියෙන් සිටින පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිනිස ජාතික ජනබල වේගය විසින් මුදල් හෝ වරප්‍රසාද ලබාදී ගැනීමක් සිදු නොකරන බව වගකීමෙන් යුතුව පවසන බවත් කොළඹ මහ නගර සභාව ඇතුලු සිය පක්ෂය ඉදිරියෙන් සිටින ආයතනවල බලය පිහිටුවන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේය.
පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින් පරිත්‍යාග කරන ලද බිම් කොටසක ඉදිකරන ලද ජාතික ජනබල වේගය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීම අද (fl) සිදු කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකා යූ.ඒ.නන්දශීලී මහත්මිය සහ ආර්.එම්.ආරියදාස මහතා විසින් පීත්ත පටියක් කපා මෙම කාර්යාලය විවෘත කිරීම සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය. " ජාතික ජනබල වේගය සදහා අපේම කියන තැනක ‚ අපේම නිවහනක් පිහිටුවමින් මහජන සම්බන්ධතා කාර්යාලයක් පිහිටුවීමට හැකිවීමත් , විශාල ජයග්‍රහණයක් සමග මෙම කාර්යාලය ආරම්භ කිරීමට හැකිවීමත් සතුටට කරුණක්.
මෙවන් වටිනා භූමියක් ප්‍රධානය කිරීම පිළිබඳව රංජිත් සහෝදරයාට ස්තූතිය පුද කරනව. රටේ ලක්ෂ ගණනක ජනතාවගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වෙමින් වසර හැටක් පැරණි ජනතා විමුක්ති පෙරමුණට රටේ බලය ලබාදී තිබෙනව.මේ බලය ලබාගැනීම වෙනුවෙන් ලේ , කදුළු හෙලමින් පවුල්වල සාමාජිකයින් අහිමි කරගැනීමට පවා සිදු උනා.
රටේ බලය ලබාදීමේදී මැතිවරණ තුනෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණය හිමිකර දුන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නව. රාජ්‍ය බලය තිබුනයි කියා අතීතයේදී මෙන් මැතිවරණවලදී ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය දේපල අවභාවිතා නොකොට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමෙන් කදිම ආදර්ශයක් සහ නව දේශපාලන සංස්කෘතියක් රටට පෙන්වා දෙනු ලැබූව.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අප ඉදිරියෙන් සිටින මුත් විපක්ෂ ඇතුලු වෙනත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක සභිකයින් වැඩියෙන් සිටීම මත එම කණ්ඩායම් එක්කර ගනිමින් බලය ගැනීමට තැත් කරන මුත් එම පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම්වල සභිකයින් ගමේ බලය පිහිටුවීම පිනිස ජාතික ජනබල වේගය සමග එක්වීමට සූදානමින් සිටිනව.
ඒ අයත් එක්කර ගනිමින් අප පක්ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනව.අපි ජයග්‍රහණය කළ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සදහා අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින නිසා කොළඹ බලයත් අපි පිහිටුවනව. ගමට නගරයට වැඩක් කිර්මට අප පක්ෂය සමග එක්වීමට කැමැත්තෙන් සිටිනව. අපි ජනතාව ලබා දුන්න බලයට සාධාරණය ඉටු කරනව. වෙනත් පක්ෂවල මෙන් මුදල් ලබාදී අනෙක් පක්ෂවල අය හෝ වරප්‍රසාද නොගන්නා බව වගකීමෙන් කියනව. ජාතික ජනබල වේගය තුල ඒ ජාතියේ වැඩ නැහැ. අපට ශක්තියක් වන අය සමග එක්ව කටයුතු කරන්න අපි සූදානම්.
