ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
By Kaushi
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව එය අනිද්දා (23) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මණ්ඩලය ප්‍රකාශ කරයි.
මෙම ජල සැපයුම පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් සඳහා අත්හිටු වීමට තීරණය කර ඇති බව සඳහන්.
මෙසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ලෙස පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ අයත් වේ.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙසයි.