පොකට් එකට දැනෙන ගාණකින් විදුලි බිල අඩු වෙනකොට වතුර බිලට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පොකට් එකට දැනෙන ගාණකින් විදුලි බිල අඩු වෙනකොට වතුර බිලට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. | Water Bill In Sri Lanka

ඒ නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට මෙම සතිය තුළ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම, මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බව ඒ මහතා පැවසීය.

මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එකවරම අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

එකවරම අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මේ වන විට නව ජල සම්බන්ධතා ප්‍රමාණය 113,000ක් දක්වා වර්ධනය කර තිබෙනවා. තවත් සම්බන්ධතා 30,000 ක් පමණ ඉදිරි සතිවලදී ලබාදීමට අප අපේක්ෂා කරනවා.

ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලැබූ රුපියල් බිලියන 2.8ක අලාභය මේ වන විට රුපියල් බිලියන 6.2ක මාසික ලාභයක් බවට පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.

තවද රුපියල් බිලියන 4.5 ක පුනරාවර්තන වියදමක් සහිතව, ඉතිරි මුදල් ප්‍රමාණය ණය සේවාකරණය සඳහා යොදා ගනිමින් ජල සම්පාදන අංශය තිරසර මට්ටමට ගෙනවිත් තිබෙන බවද සඳහන් කළ යුතුයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා අපි ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. ඒ හා සමානව, ජල සම්පාදන ක්ෂේත්‍රය සඳහා, අප උප වැඩසටහනක් සිදු කිරීමට සූදානමින් සිටිනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවල අවසන් නිකුතු දෙක වන ජල ගාස්තු සූත්‍රය සහ ආයෝජන රාමු නිර්ණායක සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු තවත් ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව, ජල ගාස්තු ගෙවීමේදී අවදානමට ලක්විය හැකි සහ දැඩි දරිද්‍රතාව‍යෙන් පෙළෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ග කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතනවලට සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා"