මෙදා සැරේ වාසු හරිම කෙනාට හේත්තු වෙන්න යයි - සහයත් ඔහුට බව කියයි

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පවසා සිටියේය.

මත්ද්‍රව්‍යත් සමග ඇල්ලූ කවුද මේ ජනප්‍රිය ටෙලි නළුවා..කවුරුත් හීනෙන්වත් නොසිතූ පැටිකිරිය එළිවෙයි..

මත්ද්‍රව්‍යත් සමග ඇල්ලූ කවුද මේ ජනප්‍රිය ටෙලි නළුවා..කවුරුත් හීනෙන්වත් නොසිතූ පැටිකිරිය එළිවෙයි..

"ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වන්නේ මාලිමාවට. අපේ පක්ෂය තරග කරනවා. තරග කරන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය පළකරමින්. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එකට මේ ඡන්දයේදී තරගයට ඉදිරිපත් වෙන්න, ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා.

නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජනබලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරගකරත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබාදෙනවා. අපේ අනුගාමිකයින්ට අපි කියා සිටිනවා අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව."