සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග ශාලාවට බඹර ප්‍රහාරයක්
මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් සිටියදී,විභාග ශාලාව අසල බඹර කූඩයක් ඇවිස්සී ඇත.
මෙම කාලයේ විභාග රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිවරයා, ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා සහ නිලධාරිනිය බඹර ප්‍රහාරයට ලක් වී ඇති බව මරදංකඩවල පොලිසිය පවසයි.
ඒ වගේම, මෙම දෂ්ට කිරීමෙන් තත්වය බරපතල නොවූ අතර, සියලු පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය සඳහන් කරයි. විභාග අවසන් වූ පසු, වනජීවී නිලධාරීන් පැමිණ බඹර කූඩය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.