සටන් විරාම දීර්ඝවීමෙන් තෙල් මිල පහළට
අමෙරිකා එක්සත් ජනපදය විසින් සටන් විරාමය දීර්ඝ කිරීමත් සමග අද (22) දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ශත 21කින් (0.2%) පහළ ගොස් ඩොලර් 98.27ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, WTI බොර තෙල් බැරලයක මිලද ශත 28කින් (0.3%) පහළ ගොස් ඩොලර් 89.39ක් ලෙස සටහන් වී ඇත.
කෙසේ වෙතත්, ඊයේ (21) දිනයේදී මෙම තෙල් මිල සියයට 3ක පමණ ඉහළ යාමක්ද වාර්තා වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.