සහල් ආනයනය ගැන ඇමති වසන්තගෙන් හෙළිදරව්වක්

Report

වර්තමානය වනවිට රටේ අවශ්‍යතාවය මත සහල් ආනයනය කිරීම පිළිබඳ සලකා බලන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කර ඇති බව එතුමා සදහන් කර  ඇත .

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වනමිනි.

වී සහල් බවට පත්කිරීම සහ අල මිලදී ගැනීමේ ක්‍රියාවලියට සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මැදිහත් වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවය. තවද අල කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 220ක මුදලකට මිලදී ගෙන ඒවා සතොස මඟින් අලෙවි කිරීමට නියමිතව ඇති බවඳ එහිදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වේ.

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගයක් - මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගයක් - මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීම සඳහා සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන්කර ඇති බවද මෙහිදී සදහන් කර ඇත.

මේ අතර ගොවියා පීඩාවට පත්කර වී ගොවිතැන විනාශ කිරීමට ආණ්ඩුව සිදුකරමින් යන ක්‍රියාවලියට එරෙහිව ගොවීන් ඉදිරියේදී කොළඹට කැඳවීමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකටුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත

මහකනදරාව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත මහතා පැවසුවේ තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව කටයුතු කිරීම මඟින් ගොවීන් දැඩි අසිරුතාවයට පත්ව ඇති බවයි.